පරණ ආදර කතාවක්!

කැස්බෑවා දවසක් ව්‍යායාමෙකටත් එක්ක  පොඩ්ඩක් ඇවිදින්න ගියා. පාරදිගේ ගියොත් වාහනේකට අහුවෙලා කට්ට කුඩුවෙන්න ඉඩ තියෙන නිසා  ඉතිං ඔය ලඳු කැලෑ, වතු මැදිං තමයි ගියෙ. ඔහොම එක වත්තක් මැද්දෙං යනකොට කැස්බෑවා දැක්කා ආච්චි කෙනෙකුයි සීය කෙනෙකුයි හාන්සි පුටු දෙකක් තියාගෙන වාඩිවෙලා පරණ දේවල් කතා කර කර ඉන්න‍‍වා. දෙන්නම බොහොම සැහැල්ලුවෙං  සතුටෙං හිටපු නිසා පොඩ්ඩක් කිට්ටු කරල බලන්න ඕනෙ කියල කැස්බෑවට හිතුනා. 

ඔයාට මතකද අපි යාලු වෙච්ච අළුත ඔයා ගොඩක් ආදරෙන් අත දික් කරල මගෙ අතිං  අල්ලන විදිහ? ආච්චි බොහොම ආදරෙන් සීයා දිහා බලල ඇහුවා.

සීයා ආච්චි දිහා හිනාවෙලා බැලුවා. බලල අත දික් කරල ආච්චිගෙ අතිං අල්ලගත්තා.

ආච්චි හිනා උනා. ඔයාට මතකද අපි බඳින්න කලිං ඔයා අපේ ගෙදර ආපු වෙලාවට අම්මලට හොරෙං එකපාරට මගෙ කම්මුල ඉඹිනව? ආච්චි ආයෙමත් ඇහුවා.

සීය හිනාවෙලා එක පාරටම ලං වෙලා ආච්චිගෙ රැලි වැටිච්ච මූණ ඉම්බා.

ආච්චි තවත් දුර ගියා. ඔයාට මතකද අපි බැන්දට පස්සෙ ඔයා හිමීට හිමීට මගෙ කන හපනවා?

සීයා අමාරුවෙං  පුටුවෙං නැගිට්ටා. නැගිටල ගේ පැත්තට  ඇවිදගෙන යන්න පටං ගත්තා.

ආච්චි කලබල උනා. ඔයා කොහෙද යන්නෙ?  කියල ආච්චි දුකෙං වගේ ඇහුවා.

මගෙ දත් ටික අරං එන්නං, කියල සීය කිව්වා.


8 comments:



Deeps said...

කැස්බෑවත් කොරන වැඩ

malee_msg said...

අනේ පව්..!

Anonymous said...

තව කතාවක් ඉූඉයෙනව ඔය වගේ...

ආපන ශාලාවක ආච්චි කෙනෙකුයි සීයා කෙනෙකුයි කෑම කන්න ඇවිත්. ඔන්න දැන් දෙන්නම කෑම ඇනවුම් කරාලු. කෑම එකක් ගෙනත් මේසෙන් තිබ්බාම සීයා කන්න පටන් අරගෙන.. ආච්චි බලාගෙන ඉන්නවළු.මේක දෙකපු අපේ කැස්බෑවා මල්ලි වගේ එකෙක් 'අනේ පවු දුප්පත් ජෝඩුවක්. සල්ලි බොහොම හිඟ ඇති. ඒකයි මේ එක කෑම එකක් අරන් තියෙන්නේ..' කියලා හිතලා බොහොම අනුකම්පාවෙන් ගිහින් ආච්චිගෙන් ඇහැව්වළු ආච්චිට එයාගෙ ගානෙ කෑම එකක් අරං දෙන්නද කියලා. 'අනේ ළමයො.. අපි දෙන්නම පාවිච්චි කරන්නෙ එකම බොරු දත් කුට්ටම... එක්කෙනෙක් කාලා ඉවරවෙනකල් අනිත් කෙනා බලංඉන්න ඕනෙ...' ඕන්න ආච්චි දුන්න උත්තරේ...

Anonymous said...

බී පේ සී
අනේ අම්මපා මේ කැස්බෑවත් කරන වැඩ

ශාකුන්තල | Shaakunthala said...

කැස්බෑව ගල්කිස්සෙ බීච් එක පැත්තෙ එහෙම යන්නෙපා වැරදිලාවත්. :D

kesh said...

හික් හික් ඒකනං ඇත්තතමා ශාකුන්තල අයියේ, ගල්කිස්ස පැත්තෙ එහෙම ගියොත් කැස්බෑවට ආයෙත් මූදට යන්න හිතෙන එකක් නෑ.මොනා උනත් කැස්බෑවෝ කොරන වැඩක් පරිස්සමෙන්....

ශාකුන්තල | Shaakunthala said...

@කේෂාන්,
ආයෙත් මූදට යන්න හිතෙන එකක් නෑ විතරක් නෙමෙයි. කැස්බෑවගෙ සුවිසැරිය කැස්බෑවටත් නොදැනිම adult site එකක් වෙලා තියේවි. :D

කැස්බෑවා said...

අපෝ නෑ. කැස්බෑවට ඕන්නං adult දේවල් ගැන ඕන තරං ලියතැහැකි. මෙතන ඒව දාන්නෙ නැහැ. සෑහෙන්න කල්පනා කරල මේකත් දැම්මෙ. මං හිතන්නෙ මේකෙ අවුලක් නෑ කියල. ඕව ලියල අන්තිමට කැස්බෑවට කට්ට කුඩු කරගන්න තමා වෙන්නෙ. අවුලක් එහෙම තියෙනව නං කියන්න හොඳේ.

Post a Comment