Comedy විහිලුව

කැස්බෑවා මේ ලඟදි දවසක් රූප‍‍‍‍‍‍‍‍‍‍‍‍‍වාහිනියෙ ගිය වැඩසටහනක් බැලුවා . Comedy Star. කලිනුත් මේකෙ දැන්වීම් කීපයක් දැකල තිබුනත් වාඩි උනේ ඉතිං කැස්බෑවා හිනාවෙන්න ගොඩක් කැමති හිංදා.

ඔන්න ආව එක තරඟ කාරයෙක්. ඇවිල්ල මොන මොනවද කලා. අපේ ගෙදර කාටවත් නං හිනා ගියෙ නෑ. විනිශ්චය මණ්ඩලේ අය හිනා උනෙත් නෑ. මිනිහ ඔන්න යන්න ගියා.  මං කල්පනා කලේ මේ වටේට මිනිහව තේරුවෙ  කවුද කියල. වෙන කවුද ඉතිං?

ඊලඟට ආව තවත් තරඟ කාරයෙක්.  Body builder කෙනෙක් හැටියට තමයි රඟපෑවෙ. අත් දෙකේ උඩ හරියෙ බැලුං වලිං මස් පිඬු එහෙම හදාගෙන. ඇවිත් මොන මොනවද කලා. අපිටනං ඉතිං හිනා ගියේ නෑ. මං කල්පනා කලේ ඒක විකට රංගනයක් නෙමෙයිද කියල. ඒත් ඇඬුනෙත් නෑ.  වෙන කිසිම හැඟීමක් දැනුනෙත් නෑ.  තරඟකාරයෙක්ද තරහ කාරයෙක්ද මංදා. වෙලාව නාස්ති කරපු එක විතරයි. පස්සෙ තමයි තේරුනෙ ඒක තමයි රාජකීය  විහිලුව කියල.

විනිශ්චය දෙනකොට තමයි මගෙ ඇස්දෙකට කඳුලු ආවෙ. කැස්බෑවගෙ ආසම, ලස්සනම ලස්සන කාංචනා කට ඇරිය..... අවාසනාවකට වගේ. 

හොඳමයි කිව්වෙ. හැබැයි නැති හොඳ. අනේ මංදා, ආයෙත් කාංචනා දිහා ඒ විදිහට බලන්න නං කැස්බෑවට බැරිවෙයි. වැඩේ ඒ තරං සවුත්තුයි. තව එතන හිටපු පරණ නළුවෙක් කිව්වෙ කෙට්ටු කෙනෙක් මේ වගේ තේමාවක් තෝරගන්න එක‍ම හාස්‍යයක් කියල.  කාට කියන්නද මංදා. මේ මිනිස්සු  

විහිලු දැකල නැති හැටි.

කතාව ඔතනිං ඉවර නැත්තෙ අපේ කරුමෙටම තමයි. ලංකාවෙ විකට කලාව මේ තරං පල්ලෙහට වැ‍ටුනෙ ඇයි කියල හිතාගන්නත් බෑ. ගොඩක්ම චිත්‍රපටිත් ඔය වගේම තමා ඉතිං. නළුවො හිනා වෙනව අපි බලං ඉන්නව. කටත් ඇරගෙන. ටික වෙලාවකිං නැගිටල යනව. ලංකාවෙ නිර්මාණශීලීත්වයට මොකක් වෙලාද?

නරක කිව්වා ඇති.  බොරලුගොඩේ තියෙන මැණික් වගේ බැබලෙන ඒවා දෙක තුනකුත් තියෙනව ඔය අතරෙ. එකක් තමයි සිකුරු හතේ.  මං දැකපු ඇත්තටම හිනා යන චිත්‍රපටියක්. විජය නන්දසිරිගෙ රංගනයටත් වඩා ගිරිරාජ්ගෙ රචනය අනර්ඝයි. (ඒකෙ  තියෙන නපුංසක චරිත වලට නං හිනා යන්නෙ නෑ) ඒ වගේම එතුමා, ආදී තවත් හොඳ නාට්‍ය එකක් දෙකක් කැස්බෑවා රස වින්දා. ඒ එක්කම අමතක තරන්න බැරි කෙනෙක් තමයි හිරු එකේ DJ අරා. බොහොම අපූරු‍‍වට වැඩේ කරනව. හිනා සාගරයක්. උදේට උදේට අහල බලන්නකො.

ඉතිං මේ මිනිස්සුංගෙංවත් හිනාව කියන්නෙ මොකක්ද කියල ඉගෙන ගත්තොත්  හොඳයි. කැස්බෑවට පුළුවං පුළුවං වෙලාවට හම්බු  වෙන හොඳ විහිලුවක් (කැස්බෑවට හිනා යන එකක්) මෙතන දානවා. හිතට එන දේ කියන්නකො.

7 comments:



ඉ-නැණ පියස said...

හේ හේ කිව්ව දේවල් සම්පුර්ණ ඇත්ත කැස්බැවෝ.මමත් ඔහේගේ කතාවට එකගයි.

කැස්බෑවා said...

මේක කියවන්න අමාරුනං කියන්න.

ශාකුන්තල | Shaakunthala said...

ඔන්න මං උඹව හිනස්සනවා කියල විහිළුවක් කළාට කවදාවත් හිනා යන්නෙ නෑ. විහිළුව කරන්න ඕන අනපේක්ෂිත වෙලාවක. එතකොටයි ඒකෙ ආතල් එක.

GNS said...

සිරසෙන් කරපු 'ටාසන් සිටාර්' නම් නැගල ගියා.
ස්වර්ණවාහිනියෙ රියැලිටි-ෂෝ පට්ට චා.
සිරසට කොච්චර බැන්නත් කොපි කරන එක උනත් ගානට කරන්නෙ උන් විතරයි...

DJ අරා, youtube එකේ තිබ්බ 2‍,3ක් නම් අහල තියෙනවා. Live යන වෙලාවට නම් අහලම නෑ. විජය නන්දසිරි නම් ඉතින් කියල වැඩක් නෑ.

@ශාකුන්තල,
එහෙම කලත් බැරි එකා ඇනගන්නවා. ;)

JC Ahangama said...

Read:
http://harimaga.blogspot.com/
You need Firefox and a font only to read Sinhala in it. No Siyabas, Sinhala package etc.
Read more at http://LovataSinhala.com

Tell me what you think about Romanized Sinhala

Thanks.

Unknown said...

kasbava kohomada singhalan liyanna.

කැස්බෑවා said...

සිංහලෙන් ලියන් විදිහ මෙන්න මෙතන තියෙනවා

http://kesbewaa.blogspot.com/2009/04/how-to-write-in-sinhala.html

Post a Comment