රස කතාවක්

දවසක් මේ අපේ බොරැල්ල පැත්තෙ රස්සාව කරන මහත්තයෙක්  එලියට බැස්ස තේ එකක් බොන්න  කියල. ඒ වෙලාවෙ මිනිහ දැක්ක ටිකක් අමුතු  පහේ අවමගුල්  පෙරහැරක්.  අමුතුයි කියන්නෙ හරිම වෙනස්.  සාමාන්‍ය අවමගුල්  පෙරහැරකදි යන්නෙ  එක  hearse (හර්ස්) එකනෙ. මෙන්න මේකෙ දෙකක් යනව. ඒ මදිවට ඒ දෙක පිටිපස්සෙ මිනිස්සු දෙසීයක් විතර එකා පස්සෙ එකා ‍පෝළිමට යනව. සාමාන්‍යයෙන් කට්ටිය ඔක්කොම එකටනෙ යන්නෙ.  පෝළිමට  යන්නෑනෙ. හරිම අමුතුයි.

ඉතිං මේක දැකපු මහත්තයට ඇතිවුනා දරුණු  කුතුහලයක්.  මේ මොකද්ද  මේ  කතන්දරේ?  පොඩ්ඩක් බලන්නෝනෙ  කිට්ටු කරල. කිට්ටු කරල බලනකො‍ට දැක්ක නෑයෙක් කියල හිතන්න පුළුවන් කෙනෙක් hearse (හර්ස්) දෙක පස්සෙං යනව. මිනිහ අතේ දම්වැලකිං ගැටගහපු ලොකූ බල්ලෙක්.

මේ කතන්දරේ දැනගන්නැතුව නං අද මං ගෙදර යන්නෙ නෑ.... කියල මහත්තයට හිතුන. ඊට පස්සෙ හිමීට  අර නෑයට කිට්ටු කරලා කියනව,

“ම්  මේ.. මට බොහොම කනගාටුයි ඔයාට වෙච්ච කරදරේ ගැන”

නෑයා  නිහඬයි. ඒ පාර ටිකක් පසුබෑවත් වැඩේ අත අරින්න මිනිහ ලෑස්ති නෑ. ආයෙත් කියනව,

“මම දන්නව මේ වගේ වෙලාවක කරදර කරන එක සුදුසු නෑ කියල. ඒත් මං දැනගන්න කැමතියි මොකක්ද උනේ කියල. ඇයි මේ hearse (හර්ස්) දෙකක්?”

ඔන්න ඒ පාර නෑයා කට ඇරියා. “පළවෙනි hearse (හර්ස්)  එකේ ඉන්නෙ මගෙ නෝනා. මේ  බල්ල  එයාව කෑව”

“ඕ... මට හරිම කනගාටුයි” කී මහත්තයා දුක පෙන්නන්නත් එක්ක මුකුත් නොකියා බිම බලාගෙන නෑයත් එක්ක ටිකක් දුර ඇවිදගෙන ගියා. ඊට පස්සෙ අහනව,

“එතකොට  අනිත් hearse (හර්ස්) එක?”

“ඒකෙ ඉන්නෙ නෝනගෙ අම්ම. ඒ කියන්නෙ  මගෙ නැන්දම්ම. එයා දුවව බේරගන්න හැදුව. එතකොට බල්ල එයාවත් කෑවා”

“දෙයියනේ..” කියපු මහත්තයා තවත් ටික දුරක් සද්ද නැතුව නෑයත් එක්ක ඇවිදගෙන ගියා. ගිහිං හිමීට  අහනව,

“ටික  දවසකට බැරිද මට මේ... මේ... මේ... බල්ල‍‍‍ව  දෙන්න?”

“පෝළිමේ එන්න”... කියල නෑය කිව්වා.

6 comments:



Sasika Nanayakkara said...

හික් ...හික්...එල එල
යළුවගෙන් අහල එඩ්රස් එක පොඩ්ඩක් එවන්න පුලුවන්ද?

අපි දිගටම බලනවා නියමයි හොදේ

Manushan said...

හික් හිහ් හී එළ එළ

පොතේ ගුරා said...

හික් හික් හික්..මරු කතාව!

Namal Sirimanna said...

මරු එල එල......................

Narada said...

බි පෙ සි!

Anonymous said...

Shaa.. meka marune ..

Post a Comment