අපේ හාමුදුරුවන්ගෙ රස්සාව!

වෙසක් දවසෙ ගෙදර ඉන්න ගමං කැස්බෑවට හිතුන රූපවාහිනිය  පොඩ්ඩක් දාල බලන්න. මෙන්න යනව වෙසක් නාට්‍යයක්. ලියල තියෙන්නෙ හාමුදුරු   නමක්. නිෂ්පාදනයත් උන්වහන්සේගෙමයි. ඉතිං  කැස්බෑව කල්පනාවට වැටුන.

හාමුදුරු  කෙනෙකුට කොහෙන්ද නාට්‍යයක් නිෂ්පාදනය කරන්න සල්ලි?  ම් ම්  ම්.... වතුපිටි  වලින්  වෙන්න පුළුවන්,  ව්‍යාපාර වලිං වෙන්න පුළුවන්, රස්සාවෙං හම්බු කරගත්ත වෙන්නත් පුළුවන්,  දායකයො දුන්න වෙන්නත් පුළුවන්. ඈ.....  බෑ බෑ බෑ වෙන්න බෑ. එහෙනං නිෂ්පාදක කියල හාමුදුරුවං ගෙ  නම දායිද?

හැබෑට අපි මේ කතා කරන්නෙ හාමුදුරුවරු ගැන කියල කැස්බෑවට අමතකත් උනා. ව්‍යාපාර, රස්සා, දේශපාලනය ආදිය කරන හාමුදුරුව‍‍‍‍‍‍‍‍‍‍‍රු දැං කාලෙ ගොඩක් ඉන්නව කියල ඒ එක්කම මතක් උනා.

බලන්නකො  ඉරිද පත්තරයක් අරං. ගුරුකං  කරන හාමුදුරුවරු කොච්චරනං ඉන්නවද කියල. ඇයි එතකොට හඳහං බලන හාමුදුරුවරු? ටියුෂන් පංති කරන හාමුදුරුවරු? ඕන තරං. ඒ විතරක්ද, ඇයි ආන්ඩුවෙ  රස්සා කරන හාමුදුරුවරු?

ඉතිං මොකද්ද කැස්බෑවො ඔය කියන්න හදන්නෙ?  හාමුදුරුව න්ට  අපහාස කරන්න නේද ඔය ලෑස්ති වෙන්නෙ? කියල අහන්නෙපා. එහෙම නෙමෙයි. බුද්ධ කාලෙ ඉඳං පැවතෙන සංඝරත්නය ගැන කැස්බෑවට තියෙන්නෙ විසාල ගෞරවයක්.

මම දන්න තරමට ‍හාමුදුරු කෙනෙකුට මේ ලෝකෙ වෙන කිසිකෙනෙකුට නැති අවස්ථාවක් තියෙනව මේ සංසාරෙං එගොඩ වෙන්න උත්සාහ  කරන්න. ඒ කොහොමද? දරු පවුල් නඩත්තු  කරන්න ඕන්නෑ, ගෙවල් කුලි ගෙවන්න ඕන්නෑ. දානෙ ලැබෙනව. ඉතිං සම්පූර්ණ කාලෙම යොදන්න පුළුවං බණ භාවනා කටයුතු වලට. හැබැයි ඉතිං බුදුහාමුදුරුවො කිව්ව  වගේ සරල විදිහට ජීවත් වෙන්න ඕනෙ. නැතුව ඉතිං මාලිගා වගේ පංසල් හදාගෙන, තොරං වගේ ලයිට් දාගෙන, වාහන තියාගෙන ඉන්න ගියොත් නං සෑහෙන්න අමාරු වෙනව. ඇයි, ලයිට් බිල් telephone බිල් ගෙවන්නෝනෙ, petrol ගහන්නෝනෙ. වැඩ ගොඩයි.

කැස්බෑවා ගොඩක් කලකිරිච්ච වෙලාවල් දෙක තුනක් තියෙනව. හැබැයි ඒ එක්කම කියන්නෝනෙ මේ කියන හාමුදුරුවරු   සාසනේට අගෞරව කරන අය එහෙම නෙමෙයි. වැදගත් සිල්වත් හාමුදුරුවරු. එකම ප්‍රශ්නෙ තමයි යන පාර.

එක බොහොම සමාජ සේවය එහෙම කරන හාමුදුරු කෙනෙක්ගෙං දවසක් කැස්බෑව ඇහුව, “ඉතිං මේ වැඩත් එක්ක බණ භාවනා වලට එහෙම කරදර නැද්ද හාමුදුරුවනේ?” කියල. හාමුදුරුවො කිව්ව “ඕව කරන්නනං වෙලාවක් ඇත්තෙම නෑ. ඊට වැඩිය වටිනව මිනිස්සුන්ට උදව්වක් කරගෙන ඉන්න එක. ඒක හොඳයි තනියෙං බුදුවෙනවට වඩා” කියල. මටනං හිතුනෙ ඒක බුදුහාමුදුරුවන්ටත් එක්ක කරපු අපහාසයක් කියලයි.

තව දවසක් හාමුදුරු කෙනෙක් කිව්ව “ලඟදිම Benz කාර් එකක් ගන්නයි ඉන්නෙ. Three wheeler එකේ ගිහාම මිනිස්සු ගනං ගන්නෙ නෑ” කියල. මිනිස්සු ගනං ගන්න එක ගැන ඇයි හාමුදුරුවො  හිතන්නෙ?

හාමුදුරුකෙනෙක් දවසක් කිව්වා මේ දවස්වල විභාගෙකට පාඩං කරනව කියල. බණ භාවනා ගැන ඇහුවම හාමුදුරුවො  කිව්වෙ “භාවනා කරල හිත දියුණු කර ගත්ත හාමුදුරුකෙනෙකුට වැඩිය විභාග පාස් කරපු හාමුදුරුවො  කෙනෙකුට සමාජයේ තැනක් තියෙනව” කියල.

තවත් හාමුදුරු කෙනෙක් කිව්ව “හාමුදුරුවරුන්ට ගිහියන්ට වැඩිය බැඳීම් ගොඩක් වැඩී. ඒවා අතහරින්න ඇත්තටම බෑ. ඕකට ගොඩක් කල් පෙරුම් පුරන්න ඕනෙ” කියල. උත්සාහ කරල බැලුවොත් නරකද හාමුදුරුවනේ? කියල ඇහුවෙ නැත්තෙ හොඳ නැති හිංද.

එක අතකට කැස්බෑවෙකුට පුළුවන්ද හාමුදුරුවන්ට උගන්නන්න?  ඒත්  මට පේන්නෙ මේ හාමුදුරුවරු යන්නෙ නොමග. නිවන් මග නං නෙමෙයි.

හැබැයි  ඉතිං නිවන් මග යන හාමුදුරුවරුත් ඉන්නව.  ලඟදීම මං කියන්නංකො.

5 comments:



Narada said...
This comment has been removed by the author.
Narada said...

කැස්බෑවෝ, ඔය සිද්ධි වගේ ගැන මේ මාස තුනට ලියාපු ජයග්‍රහණි නමවෙනි බිලෝගය මේක (කොත්තුවේ හා සින්ඩියේ තුල) . එව්වාටත් ක්මේන්ට්ස් දාලා මේකට දාන්න දෙයක් නෑ බං. එච්චරම හෙම්බත් වෙලා ඉන්නේ බං!

සරත් ගුණතුංග said...

අනේ ඔය හාමුදුරුවරු සිවුර පැත්තකට තියල ඕන දෙයක් කරනව නම් කමක් නැහැ. දුසිල්වත් භික්ෂූන් බුදු සමයේ පවා හිටියා, ඒක පුදුමයක් නොවෙයි. ඒ ලෝකයේ හැටි. බුදුන් වහන්සේට අපහාස නොකර, සාසනේට අපහාස නොකර තමතමන්ට් ඕන දෙයක් කරගත්තට කමක් නැහැ. එතකොට සුපටිපන්නෝ, උජුපටිපන්නෝ, සාමීචිපටිපන්නෝ, ඤායපටිපන්නෝ යන ගුණාංග තියෙන භික්ෂූන් අඳුන ගන්න විදියකුත් තියෙන්න ඕන. ඒ වගේම ආහුනෙ‍ය්යෝ, පාහුනෙය්යෝ, අඤ්ජලිකරණීයෝ පඅනුත්තරංපුඤ්ඤක්කෙත්තං කියන්නෙ ඉතිහාසගතවූ ස්වාමීන්වහන්සේලාට වෙන්න ඕන.

කැස්බෑවා said...

රපට රපට රපට රපට රපට රපට

SIDATH said...

බුදුරජාණණ් වහන්සේ දේශනා කරලා තියෙන විදියට,

පැවිදි උතුමෙක් හංසයෙක් වාගේ. බොහොම චාම්, සරලයි, වැඩි දුරක් ඉක්මනට පියෑඹිය හැකියි. එනම්, නිවන් මගෙහි මෙන්ම සතර අපායටද යෑමේ මග වේගවත්.

ගිහියෙක් මොනරෙක් වාගේ. බොරු ආටෝප, විච්චූරන වැඩියි. පියෑඹිය හැක්කේ වරකට කෙටි දුරක්. එනම්, නිවන් මගෙහි මෙන්ම සතර අපායටද යෑමේ මගෙහිද ගමන්කරන්නේ සෙමින්.

Post a Comment