තණකොල

එකෝමත් එක රටක හිටියලු බොහොම  පෝසත් නීතිඥ මහත්තයෙක්. දවසක හවස් යාමෙ  එතුමාගෙ ලිමොසීන් (limousine කියන්නෙ දොරවල් අටක් විතර තියෙන දිගම දිග කාර් ජාතියක්)

එකේ පිටිපස්සෙ වාඩිවෙලා යනකොට දැක්ක ජීවිතේට දැකපු නැති සිද්ධියක්. ඒ මොකද්ද ඒ? මෙන්න බොලේ මිනිස්සු දෙන්නෙක්  පාර අයිනෙ තණකොල කනව. එතුමා රියදුරාට නවත්තන්න කියල බැස්ස බලන්න මොකද්ද වෙන්නෙ කියල.

“ඇයි ඔයා තණකොල කන්නෙ?” කියල එතුමා එක්කෙනෙක්ගෙං ඇහුව.

“අපිට කෑම ටිකක් ගන්නවත් සල්ලි නෑ මහත්තයො” කියල ඒ මනුස්සය කිව්ව.

“ආ..... එහෙනං මාත් එක්ක එන්න”

“අනේ මහත්තයො, මට ගෑනියෙකුයි  දරුවො දෙන්නෙකුයි ඉන්නව!”

“ඒගොල්ලොං වත් එක්කං එන්න.  ඔයත් අපිත් එක්ක එන්න” කියල එතුමා අනිත් මනුස්සයටත් කිව්ව.

“අනේ මහත්තයො, මට ගෑනියෙකුයි  දරුවො හය දෙනෙකුයි ඉන්නව!”

“ඒ ගොල්ලොං වත් එක්කං එන්න.”

කාර් එක කොච්චර ලොකු උනත් ඉතිං වැඩේ ලේසි උනේ නෑ. හැබැයි කොහොම හරි ඒගොල්ලො  ඔක්කොම කාර් එකට නැග ගත්ත.  ඊට පස්සෙ කාර් එක පිටත් උනා.

“අනේ මහත්තයො මහත්තය ගොඩක් කරුනාවන්තයි. ඔබතුමාට කොහොම පිං දෙන්නද කියල මට තේරෙන්නෑ. ඒත් ... ඒත් අපි ඔක්කොම වෙනුවෙං ඔබතුමාට ගොඩාක් පිං ” ඇස් දෙකේ කඳුලු පුරෝගෙන එක මනුස්සයෙක් කිව්ව.

“ආ..... ඕක මොකද්ද? සුලු දෙයක්නෙ.

අපේ ගෙදර තණකොල අඩි දෙකක් විතර උසයි” කියල එතුමා කිව්ව.

6 comments:



Anonymous said...

බී පෙ සි මරු කතාව.
කැස්බැවො තීම් එකන ටිකක්ක් කචල් වගේ

Anonymous said...

අනේ කැස්බෑවො... කතාව නම් එල. හැබැයි තීම් එක නම් අල. අනේ මන්දා මගෙ පරිගණකයේ අවුලක්ද දන්නෙ නෑ. අකුරු එක ගොඩේ වාගෙ තියෙන්නේ...

Sasika Nanayakkara said...

මට නම් එහෙම අවුලක් පෙන්න නැහැ.

කැස්බෑවා said...

අල නේද වෙනස් කරල බලන්න වෙනව. මේ.. මේ ඕගොල්ලො දන්න කියන තැනක් එහෙම තියෙනවද හොඳ තීම් එකක් හොයාගන්න?

කැස්බෑවා said...

මනුශාන්, බි පෙ සි කියන්නෙ මොකක්ද?

GNS said...

පට්ට... පට්ට..

කතාව නෙමෙයි ඕයි... අර දොරවල් අටේ කාර් එක ගැන කියනවකො... :D

Post a Comment