අමාරුම හරිය ඉවරයි. දැං තියෙන්නෙ අමාරු හරිය

අපේ රජතුමාටයි  රණවිරුවන්ටයි පිං සිද්ධ වෙන්න  යුද්දෙනං ඉවරයි වගේ. චාල්ස් ඇන්තනි, නඩේසන්, රමේෂ්, පුලිදේවන් කියන අය මැරිල  කියල අඳුනගෙනත් ඉවරයි. ප්‍රභාකරන් ගැන තාම නෑ හරි ආරංචියක්. මේ මං හිතන්නෙ දන්න කාලෙක අපි කරපු ලොකුම දේ.

ලංකාවෙ අපි කොහෙ කරන්නද? ආන්ඩුවට පුළුවංද කිසිදෙයක් හරියට කරන්න? කියල අහන්න දැං කාටවත් බෑ. අපිට පුළුවං ඕන දෙයක් කරන්න.

දැං තියෙන්නෙ අමාරු හරිය කියල කිව්වෙ රට ගොඩනැගීම ගැන. සෑහෙන්න අමාරු බරපතල ඉතා වැදගත්, කල යුතුම වැඩ ‍ගොඩක් තියෙනව ඉස්සරහට. වෙනස තියෙන්නෙ දැං අපිට පුළුවං. ඉස්සර වගේ නෙමෙයි. 

දැං ඉතිං නිදිගැට  කඩල අතපය දිගඇරල වැඩේට බහින්න තමා තියෙන්නෙ.

ආයුබෝ වේවා! ජයවේවා!


0 comments:



Post a Comment