බස් එකේදි නින්ද ගියා (Falling asleep in the Bus)

මට නං ඉතිං මේ වැඩේ නිතරම වෙනවා. මම දන්න කීප දෙනෙක් ඉන්නව දවසට පැය එකහමාරක් දෙකක් බස් එකේදි දාගන්නව. (Cover කරගන්නව) රෑට නින්ද අඩු අයට මේකෙ වටිනාකම කියල නිම කරන්න බෑ .  නරක නෑනෙ වැඩේ? හැබැයි ඉතින් ඔය අතරෙ බොරුව‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ට  නිදාගන්න  අයත් නැත්තෙ‍ම නෑ. ඇයි කියන්න ඔනෙ නෑනෙ. කොහොම උනත් ඉතිං මේකෙං කාටවත් බරපතල  ප්‍රශ්නයක්නං වෙලා ඇති කියල මං හිතන්නෑ. 

හැබැයි ඉතිං බස් එකේ එක්තරා මාරාන්තික නින්දකුත් තියෙනව. ඒ මොකක්ද ඒ? ඒ තමයි බස් (Bus) එකේ රියදුරු  මහත්ත‍යගෙ නින්ද. ගෙදරදි නං අපිට මොකෝ? බස් එකේදි නං තමයි ඉතිං ප්‍රශ්නෙ.

කැස්බෑවා මේ ලඟදි දවසක් තණමල්විල පැත්තෙ කැරකෙනකොට තමයි මේ සිද්ධිය දැක්කෙ. බයත් හිතුන දැක්කම. වාසනාවට වගේ "කාටවත් එහෙමට තුවාල නෑ" කියල තමයි ලඟ හිටපු මල්ලි කෙනෙක් කිව්වෙ. (No serious injuries)


කොහොමද වැඩේ? දැක්කම ඇඟත් එක්ක හිරිවැටෙනව. 

මම දන්න රියදුරු මහත්තුරු  කීප දෙනෙක්ම කිව්වෙ හිමිං යනකොට නින්ද යන්න තියන ඉඩ ටිකක් වැඩී කියල.  ඒ කතාවෙ යම්කිසි ඇත්තක් තියෙනව කියල මට ත් හිතෙනව. හිමිං යද්දි බොහොම සැහැල්ලුවෙං යන්න පුළුවන් නිසා අව‍‍‍‍‍ධානය අඩුවෙන එක  සාමාන්‍ය දෙයක්. (Don't relax and be alert when driving)

 කෝකටත් පරිස්සමෙං, හො‍ඳේ!

3 comments:



Ravimal said...

හයියෙන් ගිහින් පාරේ ඉන්න මිනිස්සුන්ට සදහටම නිදාගන්න වෙන එකයි දුක.

C4 said...

ඔක දැක්කේ තනමල්විලදිද එහෙනම් ඩයිවර් මල් සුවද ඉබලා තමයි බස් එක පදින්න ඇත්තේ

Anonymous said...

මගේ යාලුවෙකුත් අනුනවයෙන් බේරුනා බයික් එකෙ යද්දි නින්ද ගිහිල්ලා.. දවස 5 සිහිනැතුව ඉදල තමා බේරුනේ.

Post a Comment