ඒක කොච්චර simple plan එකක්ද?...... කියල දැං තමා තේරෙන්නෙ

කැස්බෑවා internet කියල මුලිංම ගත්තෙ Mobitel HSDPA data package එකක්. (ඒක ඊට වැඩිය සිංහලට දාගන්න ටිකක් අමාරු උනා)  ඒකෙ කිසි අවුලක් තිබ්බෙ නෑ. එකම ප්‍රශ්නෙ  තමයි බාන්න  තිබිච්ච සීමාව. Speed එක එහෙම පොරොන්දු  වෙච්ච ගානට තිබුනා.

මගෙ ඉතිං අවශ්‍යතාවෙ සීමාවක් නැති කම හිංද මට ඕන උනා unlimited package එකක්. ඔය අතරෙ තමයි Airtel unlimited data package එක ආවෙ. මාසෙ‍ට රුපියල් 1499.  Download speed එක 3.2Mbps. 

ඒක කොච්චර simple plan එකක්ද?

මම ඉතිං දුවගෙන දුවගෙන ගියා සම්බන්ධ වෙන්න. මුළින්ම  ගියෙ නාරහේන්පිට  head office එකට. එතන හිටපු කොට මහත බුවා සෑහෙන්න මහන්සි උනා මට connection එක නොදී ඉන්න. නොයෙක් කතා කිව්ව. Signal නෑ කිව්ව, sim නෑ කිව්ව. මට මතක් උනේම ආන්ඩුවෙ කන්තෝරුවක්.

කොහොම හරි මගේ අප්‍රතිහත ‍ උනන්දුවෙ  ප්‍රතිඵලයක්  විදිහට අන්තිමට connection එක ගත්තයි කියමුකො කොල්ලුපිටියෙං. බැලින්නං මගෙ usb modem එක Mobitel  වලට lock කරල. Mobitel වල හො‍ඳේ කියන්නෙ නිකමටවත් ඇහුවෙ නෑ මොකටද unlock කරන්නෙ කියල. වැඩේ කරල දුන්නා. ආයෙත් හිතේ මනාපෙන් යන්න  පුළුවන් තැනක් ඒක.

ඉතිං මුලදි මුලදි Airtel එකත් හොඳට  දිව්ව. හැබැයි 3.2 Mbps නං කවදාවත් ආවෙ නෑ. වැඩිම ආවෙ 1.9Mbps විතර තමයි. ඒත් දැං මාසෙක විතර ඉඳල වේගෙ බැහැල බිංදුවට. speed test එකේ බලනකොට 0.03Mbps එනව.  බඩගාගෙන යන්නෙ නිකං ‍ඔය පින්තූරෙ වගේ. 

ප්‍රීතිය ඉහවහ ගන්න බැරිවෙච්ච පාර මම  දුන්න call 

එකක්. දීල, දැම්ම මගෙ චෝදනාව.

දවස් දෙක තුනකට පස්සෙ ඕං එනව sms එකක් ප්‍රශ්නෙ විසඳුවා කියල. හැබැයි speed test එකේ බලනකොට කිසිම වෙනසක් නෑ. ආයෙ call කලහම  කියපි Band width එක මදි වෙලා. මේ දවස්වල වැඩි කරගෙන යනව, ඉක්මනටම හරියයි කිව්වා. මං ඉතිං ඇහුව අර විසඳුව කියල sms එකක් එව්වෙ මොන ප්‍රශ්නෙද   කියල. මෙන්න කියනව Band width මදි ප්‍රශ්නෙ   කියල  දැනගත්ත හිංද සහ වැඩේට අතගහල තියෙන හිංදලු එහෙම කිව්වෙ.

ඉංදියාවෙ විසඳුව කියල කියන්නෙ එහෙම වෙන්නැති කියල ඉතිං මම හිත හදා ගත්තා. ඉක්මනටම හරිගියොත් හොඳා.

බලමු..... බලමු...

13 comments:



Namal Sirimanna said...

ඕකුන්ට පිස්සු මෙහෙ ( නිවිතිගල දැන් ටවර් එක ගහල මාස 2කට වැඩී තම කනෙක්ශන් දීල නෑ. ඇහුවම කියනව තව සතියෙන් දෙනව දෙකෙන් දෙනව කියල තාමනම් නෑ.

Sasika Nanayakkara said...

‍ඉතින් හරිනේ.මේ අද දෙනවා...හෙට දෙනවා...කියන එක කොච්චර සිම්පල් පැලැන් එකක්ද?
දැන් තමයි සංගගේ අ.....මතක් වෙන්නේ.එකත් කොච්චර සිම්පල් පැලැන් එකක්ද?

Manushan said...

වයර් ලයින් කනෙක්ෂන් එකක් නැද්ද ?
තියෙනවනම් ගන්න හරිම සින්පල්.
පැකෙජ් එකට මාසෙට රුපියල් 1616 යි
ස්පීඩ් එකනම් ඉතින්
download - 512 kbps
upload - 128 kbps
ඔය ස්පීඩ් එකම නෑ
කියන ස්පීඩ් එකම ඔය එකක වත් දෙන්නෙ නැ
හැබැයි අසිමිත බාවිතෙනම් දෙනවා.
කැස්බැවො දුවපුවාම හරියනවා ඇ :-D

Manushan said...

මේ පුලුවන්නම් Word verification අයින් කරන්න

කැස්බෑවා said...

වයර් ලයින් එකදෙන්න බෑ කිව්ව. කනුවෙ ඉඳල ගෙදරට දුර වැඩීලු. මමත් කැමතියි මේක පිටේ තියං ඕන තැනක දුවන්න පුළුවන් නිසා. කැස්බෑව මෙහෙම හිටියට දුවන්න තමයි කැමති.

තරහ නැතුව පුළුවන්නම් උදව් කරන්න. Word verification කියන්නෙ මොකක්ද? ඒක අයින් කරන්නෙ කොහොමද? ඒක අයින් කිරීමෙන් ඇති වැඩේ මොකක්ද? කියල කියා දෙන්න

පිං

Manushan said...

අනේ සමවෙන්න මම ඔයාගේ ප්‍රෂ්නය දැක්කේ දැන්.
Word verification කියන්නේ ඔයාගේ ලිපි වලට කමෙන්ට් දාන අයට ස්පෑම් කිරිමට නොදී සිටිමට ඇති එක් ක්‍රියාකාරකමක්
එකෙදි වෙන්නේ අපි කමෙන්ට් එකක් දාන්න යද්දි අපහැදිලි වචනයක් දීලා එකෙ තියන දේ නිවැරදිව ටයිප් කල පසු තම අපිට කමෙන්ට් එක දාන්න පුලුවන්නේ. නමුත් ඔක දාල තිබුනයි කියලා ස්පෑම් කිරිම අඩුවෙන්නේ නෑ.

ඒක අයින් කරන්නේ
ඔයාගේ බ්ලොග් එකෙ Settings වලට ගිහිල්ලා ඒකේ Comments කියලා තියෙන එකේ ටිකක් යටට වෙන්න තියෙනවා Show word verification for comments? කියලා එකක් එකේ No කියන එකට ටික් එක දාන්න ඊට පස්සේ සේව් කරන්න

ඒක අයින් කිරීමෙන් ඇති වැඩේ.
අපි ඔයාට කමෙන්ට් එකක් දාන්න යද්දි එකේ එන වැකිය නිවැරදිව ගහන්න ඔනේ එකේ තියෙන අකුරු සමහර වෙලාවට පැහැදිලි නෑ එ නිස අපිට කමෙන්ට් දාන්න අමාරුයි ඒ වගෙම ඒ වෙනුවෙන් ගතවන කාලය ඉතිරි කරගන්නත් පුලුවන්.

Manushan said...

කැස්බෑවා අයියේ ඔයා කැමතිනම් මගේ මේ
http://blog.manushan.info/
බ්ලොග් එකේ ජොයින් වෙන්නකො

කැස්බෑවා said...

ඔන්න Word verification අයිං කලා. කියලා දුන්නට පිං. අනේ මනුශාන් මට අයිය කියන්න එපා. මට කැස්බෑවා කියල කියන්න. ඒ වාක්‍යය මේ විදිහට පටං ගත්තා නං මරු. “ අනේ කැස්බෑවො ඔයා කැමතිනං......” කියල..

කැස්බෑවා said...

ඔන්න මනුශාන් මම ඔයාගෙ blog එකට join උනා. ආරාධනාවට ස්තුතියි.

Manushan said...

තැන්කූ තැන්කු කැස්බෑවෝ

ඩිල්-බර්ටි said...

කැස්බෑවා AirTel එක බෑන්ඩ්විඩ්ත් වැඩි කරනකං බලා ඉන්නවා කිව්වම මතක් වුනේ... අර ඔයාගෙ මී මුත්තෙක් හිටියෙ ඇස් පේන්නෙ නැති.. අන්න එයා අවුරුදු 100 කට සැරයක් මුහුදෙන් මතු වෙලා, මුහුදෙ පාවෙන විය ගහක සිදුරෙන් අහස බලන දවසට, Airtel කාරයා ඔය බෑන්ඩ්විඩ්ත් එක වැඩි කරලා තියෙයි! :)

සුපුන්

කැස්බෑවා said...

මල්ලි හරි මල්ලි.

Hareendra said...

NEVER buy airtel 300 and 600 limited data packages..for an additional 1mb they charge 5.12 rupees..that means a half a cent per KB..so an additional 1gb usage will cost you more than rs5000...anyway when i looked at the telecommunication regulatory commission website it said the approved charges for airtel 300 and 600 data packages are 0.05 cents per an additional kb. http://www.trc.gov.lk/images/pdf/Airtel_tarrif.pdf .i went to the airtel store and asked about it they said that it should be a "printing mistake" in trc website and CS didnt allow me to talk to their superiors..when i called CS hotline they told me that i may have made a mistake bcoz they have been operating packages for 4 months without a problem. But this is serious since they are charging 10 times more than accepted trc rates for pathetic speeds....I tried to compare airtel with other operators...mobitel charges 5 rs. per additional 10MB ...dialog - Rs1 for 1 Mb...so Airtel charges 10 times more than mobitel and 5 times more than dialog...I asked about this also and they replied that they don't have rentals.they only have monthly commitments..so their charges cant b compared with the other operators...THIS IS WORSE THAN DIALOG.becoz they charge 10TIMES more than what has been approved... But What can we do? Please halp me...

Post a Comment