Template වෙනස් කරන්න ගිහිල්ල කැස්බෑව පොඩි අකරතැබ්බකට මූණ දුන්න. යංතං ජාම බේරගත්ත. හැබැයි තාම වැඩේ ඉවර නෑ.
තරහ අවසර!
අපේ හාමුදුරුවන්ගෙ රස්සාව!
වෙසක් දවසෙ ගෙදර ඉන්න ගමං කැස්බෑවට හිතුන රූපවාහිනිය පොඩ්ඩක් දාල බලන්න. මෙන්න යනව වෙසක් නාට්‍යයක්. ලියල තියෙන්නෙ හාමුදුරු නමක්. නිෂ්පාදනයත් උන්වහන්සේගෙමයි. ඉතිං කැස්බෑව කල්පනාවට වැටුන. හාමුදුරු කෙනෙකුට කොහෙන්ද නාට්‍යයක් නිෂ්පාදනය කරන්න සල්ලි? ම් ම් ම්.... වතුපිටි වලින් වෙන්න පුළුවන්, ව්‍යාපාර වලිං වෙන්න පුළුවන්, රස්සාවෙං හම්බු කරගත්ත වෙන්නත් පුළුවන්, දායකයො දුන්න වෙන්නත් පුළුවන්. ඈ..... බෑ බෑ බෑ වෙන්න බෑ. එහෙනං නිෂ්පාදක කියල හාමුදුරුවං ගෙ නම දායිද? හැබෑට අපි මේ කතා කරන්නෙ හාමුදුරුවරු ගැන කියල කැස්බෑවට අමතකත් උනා. ව්‍යාපාර, රස්සා, දේශපාලනය ආදිය කරන හාමුදුරුවරු දැං කාලෙ ගොඩක් ඉන්නව කියල ඒ එක්කම මතක් උනා. බලන්නකො ඉරිද පත්තරයක් අරං. ගුරුකං කරන හාමුදුරුවරු කොච්චරනං ඉන්නවද කියල. ඇයි එතකොට හඳහං බලන හාමුදුරුවරු? ටියුෂන් පංති කරන හාමුදුරුවරු? ඕන තරං. ඒ විතරක්ද, ඇයි ආන්ඩුවෙ රස්සා කරන හාමුදුරුවරු? ඉතිං මොකද්ද කැස්බෑවො ඔය කියන්න හදන්නෙ? හාමුදුරුව න්ට අපහාස කරන්න නේද ඔය ලෑස්ති වෙන්නෙ? කියල අහන්නෙපා. එහෙම නෙමෙයි. බුද්ධ කාලෙ ඉඳං පැවතෙන සංඝරත්නය ගැන කැස්බෑවට තියෙන්නෙ විසාල ගෞරවයක්. මම දන්න තරමට හාමුදුරු කෙනෙකුට මේ ලෝකෙ වෙන කිසිකෙනෙකුට නැති අවස්ථාවක් තියෙනව මේ සංසාරෙං එගොඩ වෙන්න උත්සාහ කරන්න. ඒ කොහොමද? දරු පවුල් නඩත්තු කරන්න ඕන්නෑ, ගෙවල් කුලි ගෙවන්න ඕන්නෑ. දානෙ ලැබෙනව. ඉතිං සම්පූර්ණ කාලෙම යොදන්න පුළුවං බණ භාවනා කටයුතු වලට. හැබැයි ඉතිං බුදුහාමුදුරුවො කිව්ව වගේ සරල විදිහට ජීවත් වෙන්න ඕනෙ. නැතුව ඉතිං මාලිගා වගේ පංසල් හදාගෙන, තොරං වගේ ලයිට් දාගෙන, වාහන තියාගෙන ඉන්න ගියොත් නං සෑහෙන්න අමාරු වෙනව. ඇයි, ලයිට් බිල් telephone බිල් ගෙවන්නෝනෙ, petrol ගහන්නෝනෙ. වැඩ ගොඩයි. කැස්බෑවා ගොඩක් කලකිරිච්ච වෙලාවල් දෙක තුනක් තියෙනව. හැබැයි ඒ එක්කම කියන්නෝනෙ මේ කියන හාමුදුරුවරු සාසනේට අගෞරව කරන අය එහෙම නෙමෙයි. වැදගත් සිල්වත් හාමුදුරුවරු. එකම ප්‍රශ්නෙ තමයි යන පාර. එක බොහොම සමාජ සේවය එහෙම කරන හාමුදුරු කෙනෙක්ගෙං දවසක් කැස්බෑව ඇහුව, “ඉතිං මේ වැඩත් එක්ක බණ භාවනා වලට එහෙම කරදර නැද්ද හාමුදුරුවනේ?” කියල. හාමුදුරුවො කිව්ව “ඕව කරන්නනං වෙලාවක් ඇත්තෙම නෑ. ඊට වැඩිය වටිනව මිනිස්සුන්ට උදව්වක් කරගෙන ඉන්න එක. ඒක හොඳයි තනියෙං බුදුවෙනවට වඩා” කියල. මටනං හිතුනෙ ඒක බුදුහාමුදුරුවන්ටත් එක්ක කරපු අපහාසයක් කියලයි. තව දවසක් හාමුදුරු කෙනෙක් කිව්ව “ලඟදිම Benz කාර් එකක් ගන්නයි ඉන්නෙ. Three wheeler එකේ ගිහාම මිනිස්සු ගනං ගන්නෙ නෑ” කියල. මිනිස්සු ගනං ගන්න එක ගැන ඇයි හාමුදුරුවො හිතන්නෙ? හාමුදුරුකෙනෙක් දවසක් කිව්වා මේ දවස්වල විභාගෙකට පාඩං කරනව කියල. බණ භාවනා ගැන ඇහුවම හාමුදුරුවො කිව්වෙ “භාවනා කරල හිත දියුණු කර ගත්ත හාමුදුරුකෙනෙකුට වැඩිය විභාග පාස් කරපු හාමුදුරුවො කෙනෙකුට සමාජයේ තැනක් තියෙනව” කියල. තවත් හාමුදුරු කෙනෙක් කිව්ව “හාමුදුරුවරුන්ට ගිහියන්ට වැඩිය බැඳීම් ගොඩක් වැඩී. ඒවා අතහරින්න ඇත්තටම බෑ. ඕකට ගොඩක් කල් පෙරුම් පුරන්න ඕනෙ” කියල. උත්සාහ කරල බැලුවොත් නරකද හාමුදුරුවනේ? කියල ඇහුවෙ නැත්තෙ හොඳ නැති හිංද. එක අතකට කැස්බෑවෙකුට පුළුවන්ද හාමුදුරුවන්ට උගන්නන්න? ඒත් මට පේන්නෙ මේ හාමුදුරුවරු යන්නෙ නොමග. නිවන් මග නං නෙමෙයි. හැබැයි ඉතිං නිවන් මග යන හාමුදුරුවරුත් ඉන්නව. ලඟදීම මං කියන්නංකො.

රස කතාවක්
දවසක් මේ අපේ බොරැල්ල පැත්තෙ රස්සාව කරන මහත්තයෙක් එලියට බැස්ස තේ එකක් බොන්න කියල. ඒ වෙලාවෙ මිනිහ දැක්ක ටිකක් අමුතු පහේ අවමගුල් පෙරහැරක්. අමුතුයි කියන්නෙ හරිම වෙනස්. සාමාන්‍ය අවමගුල් පෙරහැරකදි යන්නෙ එක hearse (හර්ස්) එකනෙ. මෙන්න මේකෙ දෙකක් යනව. ඒ මදිවට ඒ දෙක පිටිපස්සෙ මිනිස්සු දෙසීයක් විතර එකා පස්සෙ එකා පෝළිමට යනව. සාමාන්‍යයෙන් කට්ටිය ඔක්කොම එකටනෙ යන්නෙ. පෝළිමට යන්නෑනෙ. හරිම අමුතුයි. ඉතිං මේක දැකපු මහත්තයට ඇතිවුනා දරුණු කුතුහලයක්. මේ මොකද්ද මේ කතන්දරේ? පොඩ්ඩක් බලන්නෝනෙ කිට්ටු කරල. කිට්ටු කරල බලනකොට දැක්ක නෑයෙක් කියල හිතන්න පුළුවන් කෙනෙක් hearse (හර්ස්) දෙක පස්සෙං යනව. මිනිහ අතේ දම්වැලකිං ගැටගහපු ලොකූ බල්ලෙක්. මේ කතන්දරේ දැනගන්නැතුව නං අද මං ගෙදර යන්නෙ නෑ.... කියල මහත්තයට හිතුන. ඊට පස්සෙ හිමීට අර නෑයට කිට්ටු කරලා කියනව, “ම් මේ.. මට බොහොම කනගාටුයි ඔයාට වෙච්ච කරදරේ ගැන” නෑයා නිහඬයි. ඒ පාර ටිකක් පසුබෑවත් වැඩේ අත අරින්න මිනිහ ලෑස්ති නෑ. ආයෙත් කියනව, “මම දන්නව මේ වගේ වෙලාවක කරදර කරන එක සුදුසු නෑ කියල. ඒත් මං දැනගන්න කැමතියි මොකක්ද උනේ කියල. ඇයි මේ hearse (හර්ස්) දෙකක්?” ඔන්න ඒ පාර නෑයා කට ඇරියා. “පළවෙනි hearse (හර්ස්) එකේ ඉන්නෙ මගෙ නෝනා. මේ බල්ල එයාව කෑව” “ඕ... මට හරිම කනගාටුයි” කී මහත්තයා දුක පෙන්නන්නත් එක්ක මුකුත් නොකියා බිම බලාගෙන නෑයත් එක්ක ටිකක් දුර ඇවිදගෙන ගියා. ඊට පස්සෙ අහනව, “එතකොට අනිත් hearse (හර්ස්) එක?” “ඒකෙ ඉන්නෙ නෝනගෙ අම්ම. ඒ කියන්නෙ මගෙ නැන්දම්ම. එයා දුවව බේරගන්න හැදුව. එතකොට බල්ල එයාවත් කෑවා” “දෙයියනේ..” කියපු මහත්තයා තවත් ටික දුරක් සද්ද නැතුව නෑයත් එක්ක ඇවිදගෙන ගියා. ගිහිං හිමීට අහනව, “ටික දවසකට බැරිද මට මේ... මේ... මේ... බල්ලව දෙන්න?”

ඒක කොච්චර simple plan එකක්ද?...... කියල දැං තමා තේරෙන්නෙ
කැස්බෑවා internet කියල මුලිංම ගත්තෙ Mobitel HSDPA data package එකක්. (ඒක ඊට වැඩිය සිංහලට දාගන්න ටිකක් අමාරු උනා) ඒකෙ කිසි අවුලක් තිබ්බෙ නෑ. එකම ප්‍රශ්නෙ තමයි බාන්න තිබිච්ච සීමාව. Speed එක එහෙම පොරොන්දු වෙච්ච ගානට තිබුනා.
මගෙ ඉතිං අවශ්‍යතාවෙ සීමාවක් නැති කම හිංද මට ඕන උනා unlimited package එකක්. ඔය අතරෙ තමයි Airtel unlimited data package එක ආවෙ. මාසෙට රුපියල් 1499. Download speed එක 3.2Mbps.
ඒක කොච්චර simple plan එකක්ද?
මම ඉතිං දුවගෙන දුවගෙන ගියා සම්බන්ධ වෙන්න. මුළින්ම ගියෙ නාරහේන්පිට head office එකට. එතන හිටපු කොට මහත බුවා සෑහෙන්න මහන්සි උනා මට connection එක නොදී ඉන්න. නොයෙක් කතා කිව්ව. Signal නෑ කිව්ව, sim නෑ කිව්ව. මට මතක් උනේම ආන්ඩුවෙ කන්තෝරුවක්.
කොහොම හරි මගේ අප්‍රතිහත උනන්දුවෙ ප්‍රතිඵලයක් විදිහට අන්තිමට connection එක ගත්තයි කියමුකො කොල්ලුපිටියෙං. බැලින්නං මගෙ usb modem එක Mobitel වලට lock කරල. Mobitel වල හොඳේ කියන්නෙ නිකමටවත් ඇහුවෙ නෑ මොකටද unlock කරන්නෙ කියල. වැඩේ කරල දුන්නා. ආයෙත් හිතේ මනාපෙන් යන්න පුළුවන් තැනක් ඒක.
ඉතිං මුලදි මුලදි Airtel එකත් හොඳට දිව්ව. හැබැයි 3.2 Mbps නං කවදාවත් ආවෙ නෑ. වැඩිම ආවෙ 1.9Mbps විතර තමයි. ඒත් දැං මාසෙක විතර ඉඳල වේගෙ බැහැල බිංදුවට. speed test එකේ බලනකොට 0.03Mbps එනව. බඩගාගෙන යන්නෙ නිකං ඔය පින්තූරෙ වගේ.

ප්‍රීතිය ඉහවහ ගන්න බැරිවෙච්ච පාර මම දුන්න call
එකක්. දීල, දැම්ම මගෙ චෝදනාව.
දවස් දෙක තුනකට පස්සෙ ඕං එනව sms එකක් ප්‍රශ්නෙ විසඳුවා කියල. හැබැයි speed test එකේ බලනකොට කිසිම වෙනසක් නෑ. ආයෙ call කලහම කියපි Band width එක මදි වෙලා. මේ දවස්වල වැඩි කරගෙන යනව, ඉක්මනටම හරියයි කිව්වා. මං ඉතිං ඇහුව අර විසඳුව කියල sms එකක් එව්වෙ මොන ප්‍රශ්නෙද කියල. මෙන්න කියනව Band width මදි ප්‍රශ්නෙ කියල දැනගත්ත හිංද සහ වැඩේට අතගහල තියෙන හිංදලු එහෙම කිව්වෙ.
ඉංදියාවෙ විසඳුව කියල කියන්නෙ එහෙම වෙන්නැති කියල ඉතිං මම හිත හදා ගත්තා. ඉක්මනටම හරිගියොත් හොඳා.
බලමු..... බලමු...
බස් එකේදි නින්ද ගියා (Falling asleep in the Bus)
මට නං ඉතිං මේ වැඩේ නිතරම වෙනවා. මම දන්න කීප දෙනෙක් ඉන්නව දවසට පැය එකහමාරක් දෙකක් බස් එකේදි දාගන්නව. (Cover කරගන්නව) රෑට නින්ද අඩු අයට මේකෙ වටිනාකම කියල නිම කරන්න බෑ . නරක නෑනෙ වැඩේ? හැබැයි ඉතින් ඔය අතරෙ බොරුවට නිදාගන්න අයත් නැත්තෙම නෑ. ඇයි කියන්න ඔනෙ නෑනෙ. කොහොම උනත් ඉතිං මේකෙං කාටවත් බරපතල ප්‍රශ්නයක්නං වෙලා ඇති කියල මං හිතන්නෑ.
හැබැයි ඉතිං බස් එකේ එක්තරා මාරාන්තික නින්දකුත් තියෙනව. ඒ මොකක්ද ඒ? ඒ තමයි බස් (Bus) එකේ රියදුරු මහත්තයගෙ නින්ද. ගෙදරදි නං අපිට මොකෝ? බස් එකේදි නං තමයි ඉතිං ප්‍රශ්නෙ.
කැස්බෑවා මේ ලඟදි දවසක් තණමල්විල පැත්තෙ කැරකෙනකොට තමයි මේ සිද්ධිය දැක්කෙ. බයත් හිතුන දැක්කම. වාසනාවට වගේ "කාටවත් එහෙමට තුවාල නෑ" කියල තමයි ලඟ හිටපු මල්ලි කෙනෙක් කිව්වෙ. (No serious injuries)
මම දන්න රියදුරු මහත්තුරු කීප දෙනෙක්ම කිව්වෙ හිමිං යනකොට නින්ද යන්න තියන ඉඩ ටිකක් වැඩී කියල. ඒ කතාවෙ යම්කිසි ඇත්තක් තියෙනව කියල මට ත් හිතෙනව. හිමිං යද්දි බොහොම සැහැල්ලුවෙං යන්න පුළුවන් නිසා අවධානය අඩුවෙන එක සාමාන්‍ය දෙයක්. (Don't relax and be alert when driving)
කෝකටත් පරිස්සමෙං, හොඳේ!





