වෙසක් දවස්වල නිවන් පාරෙ යන හාමුදුරුවො ගැනයි බණ ගැනයි කැස්බෑවා කිය කිය හිටිය මතකද? කැස්බෑවා දන්න කියන කෙනෙක් වැඩේට බැස්සා. වෙසක් එකට බැරි උනත් පොසොන් එක වෙනකොට කොල්ල දෙයක් කරල තියෙනව. අළුත්ම web site එක ලෑස්ති කරලයි තියෙන්නෙ. මෙතනින් ගිහිල්ල බලන්නකෝ. මේ බණ වල තියෙන වැදගත්කම ගැන කියන්න කැස්බෑවට වචන නෑ. ඒ තරං වැදගත්. අහපු කෙනෙකුගෙ ජීවිතේම වෙනස් වෙනවා මට උනා වගේ. දවසින් දවස මේකට අළුත් බණ එහෙම එකතුවෙයි. තාම දාල තියෙන්නෙ CD දෙකයි. තව මහ ගොඩක් තියෙනව. ඒ අභිඥාලාභී පූජ්‍යපාද වහරක අභයරතනාලංකාර ස්වාමීන් වහන්සේය. උන්වහන්සේගේ ධර්මය අසන විට අප මෙතෙක් කල් සිතා සිටි බොහෝ දේ වැරදි බව අපටම වැටහේ. නොතේරුනු තැන් තේරෙන්නට පටන් ගන්නේ අපවම පුදුමයට පත් කරමිනි. මා නම් මෙවැනි බණක් මගේ ජීවිත කාලයටම අසා නොමැති බව පැහැදිලිවම කිව යුතුය." ඒ එක්කම මිනිහට තියෙනව ලොකු සැලැස්මක්.මේ දවස්වල යන්නෙ ඒ සැලැස්මෙ අංක එකයි දෙකයි. ඒ දෙක ඉවර උනාට පස්සෙ තමයි අන්තිම කොටස පටං ගන්නෙ. වැඩේ නං පංකාදු පහයි. මට නං හිතෙන්නෙ බුද්ධාගම අපි හිතං හිටියට වැඩිය ගොඩාක් වෙනස් එකක් කියල. ඒ එක්කම රහතන් වහන්සේලා අයෙත් බිහිවෙන කාලයත් වැඩි ඈතක නෙමෙයි කියල. සැමට නිවන් සැප! "මේ ධර්මය ඇත්තේ ප්‍රශ්න සහ පිළිතුරු ලෙසය. මගේ අරමුණ වන්නේ සියළු ලෝකවාසීන්ට මේ ධර්මය ලබා දීමයි. ඒ සඳහා ගතයුතු ක්‍රියාමාර්ගකීපයකි. 1. අවශ්‍ය ඕනෑම කෙනෙකුට ලබා ගත හැකි ලෙස මෙම MP3 files ගබඩා කිරීම. මෙයට සුදුසුම සහ හොඳම ක්‍රමය අන්තර්ජාලයයි. 2. සියළුම දේ සිංහලෙන් type කර ගැනීම. එසේ ලේඛන ගත කර ගත් පසු ඒවා තේරුම් ගැනීමට පහසු පිළිවෙලට මුල සිට අග දක්වා සකස් කර ගත හැක. (තේරුම වෙනස් නොවන ලෙස) මගේ අදහස type කර ගන්නා බණ එකින් එක සම්පූර්ණ වන විටම අන්තර්ජාලය හරහා මුදා හැරීමයි. මේ සඳහා විශාල කාලයක් ගතවෙනු ඇත. කාල වේලාව කැප කල හැකි පින්වතුන්ගේ දායකත්වයද මේ සඳහා ලබාගැනීමට බලාපොරොත්තු වෙමි. 
සැඟවුනු සත්‍යය වූ බුදු දහම යලි මතුවෙයි!
පරණ ආදර කතාවක්!
කැස්බෑවා දවසක් ව්‍යායාමෙකටත් එක්ක පොඩ්ඩක් ඇවිදින්න ගියා. පාරදිගේ ගියොත් වාහනේකට අහුවෙලා කට්ට කුඩුවෙන්න ඉඩ තියෙන නිසා ඉතිං ඔය ලඳු කැලෑ, වතු මැදිං තමයි ගියෙ. ඔහොම එක වත්තක් මැද්දෙං යනකොට කැස්බෑවා දැක්කා ආච්චි කෙනෙකුයි සීය කෙනෙකුයි හාන්සි පුටු දෙකක් තියාගෙන වාඩිවෙලා පරණ දේවල් කතා කර කර ඉන්නවා. දෙන්නම බොහොම සැහැල්ලුවෙං සතුටෙං හිටපු නිසා පොඩ්ඩක් කිට්ටු කරල බලන්න ඕනෙ කියල කැස්බෑවට හිතුනා.
ඔයාට මතකද අපි යාලු වෙච්ච අළුත ඔයා ගොඩක් ආදරෙන් අත දික් කරල මගෙ අතිං අල්ලන විදිහ? ආච්චි බොහොම ආදරෙන් සීයා දිහා බලල ඇහුවා.
සීයා ආච්චි දිහා හිනාවෙලා බැලුවා. බලල අත දික් කරල ආච්චිගෙ අතිං අල්ලගත්තා.
ආච්චි හිනා උනා. ඔයාට මතකද අපි බඳින්න කලිං ඔයා අපේ ගෙදර ආපු වෙලාවට අම්මලට හොරෙං එකපාරට මගෙ කම්මුල ඉඹිනව? ආච්චි ආයෙමත් ඇහුවා.
සීය හිනාවෙලා එක පාරටම ලං වෙලා ආච්චිගෙ රැලි වැටිච්ච මූණ ඉම්බා.
ආච්චි තවත් දුර ගියා. ඔයාට මතකද අපි බැන්දට පස්සෙ ඔයා හිමීට හිමීට මගෙ කන හපනවා?
සීයා අමාරුවෙං පුටුවෙං නැගිට්ටා. නැගිටල ගේ පැත්තට ඇවිදගෙන යන්න පටං ගත්තා.
ආච්චි කලබල උනා. ඔයා කොහෙද යන්නෙ? කියල ආච්චි දුකෙං වගේ ඇහුවා.
මගෙ දත් ටික අරං එන්නං, කියල සීය කිව්වා.
Comedy විහිලුව
කැස්බෑවා මේ ලඟදි දවසක් රූපවාහිනියෙ ගිය වැඩසටහනක් බැලුවා . Comedy Star. කලිනුත් මේකෙ දැන්වීම් කීපයක් දැකල තිබුනත් වාඩි උනේ ඉතිං කැස්බෑවා හිනාවෙන්න ගොඩක් කැමති හිංදා.
ඔන්න ආව එක තරඟ කාරයෙක්. ඇවිල්ල මොන මොනවද කලා. අපේ ගෙදර කාටවත් නං හිනා ගියෙ නෑ. විනිශ්චය මණ්ඩලේ අය හිනා උනෙත් නෑ. මිනිහ ඔන්න යන්න ගියා. මං කල්පනා කලේ මේ වටේට මිනිහව තේරුවෙ කවුද කියල. වෙන කවුද ඉතිං?
ඊලඟට ආව තවත් තරඟ කාරයෙක්. Body builder කෙනෙක් හැටියට තමයි රඟපෑවෙ. අත් දෙකේ උඩ හරියෙ බැලුං වලිං මස් පිඬු එහෙම හදාගෙන. ඇවිත් මොන මොනවද කලා. අපිටනං ඉතිං හිනා ගියේ නෑ. මං කල්පනා කලේ ඒක විකට රංගනයක් නෙමෙයිද කියල. ඒත් ඇඬුනෙත් නෑ. වෙන කිසිම හැඟීමක් දැනුනෙත් නෑ. තරඟකාරයෙක්ද තරහ කාරයෙක්ද මංදා. වෙලාව නාස්ති කරපු එක විතරයි. පස්සෙ තමයි තේරුනෙ ඒක තමයි රාජකීය විහිලුව කියල.
විනිශ්චය දෙනකොට තමයි මගෙ ඇස්දෙකට කඳුලු ආවෙ. කැස්බෑවගෙ ආසම, ලස්සනම ලස්සන කාංචනා කට ඇරිය..... අවාසනාවකට වගේ.
හොඳමයි කිව්වෙ. හැබැයි නැති හොඳ. අනේ මංදා, ආයෙත් කාංචනා දිහා ඒ විදිහට බලන්න නං කැස්බෑවට බැරිවෙයි. වැඩේ ඒ තරං සවුත්තුයි. තව එතන හිටපු පරණ නළුවෙක් කිව්වෙ කෙට්ටු කෙනෙක් මේ වගේ තේමාවක් තෝරගන්න එකම හාස්‍යයක් කියල. කාට කියන්නද මංදා. මේ මිනිස්සු
විහිලු දැකල නැති හැටි.
කතාව ඔතනිං ඉවර නැත්තෙ අපේ කරුමෙටම තමයි. ලංකාවෙ විකට කලාව මේ තරං පල්ලෙහට වැටුනෙ ඇයි කියල හිතාගන්නත් බෑ. ගොඩක්ම චිත්‍රපටිත් ඔය වගේම තමා ඉතිං. නළුවො හිනා වෙනව අපි බලං ඉන්නව. කටත් ඇරගෙන. ටික වෙලාවකිං නැගිටල යනව. ලංකාවෙ නිර්මාණශීලීත්වයට මොකක් වෙලාද?
නරක කිව්වා ඇති. බොරලුගොඩේ තියෙන මැණික් වගේ බැබලෙන ඒවා දෙක තුනකුත් තියෙනව ඔය අතරෙ. එකක් තමයි සිකුරු හතේ. මං දැකපු ඇත්තටම හිනා යන චිත්‍රපටියක්. විජය නන්දසිරිගෙ රංගනයටත් වඩා ගිරිරාජ්ගෙ රචනය අනර්ඝයි. (ඒකෙ තියෙන නපුංසක චරිත වලට නං හිනා යන්නෙ නෑ) ඒ වගේම එතුමා, ආදී තවත් හොඳ නාට්‍ය එකක් දෙකක් කැස්බෑවා රස වින්දා. ඒ එක්කම අමතක තරන්න බැරි කෙනෙක් තමයි හිරු එකේ DJ අරා. බොහොම අපූරුවට වැඩේ කරනව. හිනා සාගරයක්.
ඉතිං මේ මිනිස්සුංගෙංවත් හිනාව කියන්නෙ මොකක්ද කියල ඉගෙන ගත්තොත් හොඳයි. කැස්බෑවට පුළුවං පුළුවං වෙලාවට හම්බු වෙන හොඳ විහිලුවක් (කැස්බෑවට හිනා යන එකක්) මෙතන දානවා. හිතට එන දේ කියන්නකො.
තණකොල
එකෝමත් එක රටක හිටියලු බොහොම පෝසත් නීතිඥ මහත්තයෙක්. දවසක හවස් යාමෙ එතුමාගෙ ලිමොසීන් (limousine කියන්නෙ දොරවල් අටක් විතර තියෙන දිගම දිග කාර් ජාතියක්)

එකේ පිටිපස්සෙ වාඩිවෙලා යනකොට දැක්ක ජීවිතේට දැකපු නැති සිද්ධියක්. ඒ මොකද්ද ඒ? මෙන්න බොලේ මිනිස්සු දෙන්නෙක් පාර අයිනෙ තණකොල කනව. එතුමා රියදුරාට නවත්තන්න කියල බැස්ස බලන්න මොකද්ද වෙන්නෙ කියල.
“ඇයි ඔයා තණකොල කන්නෙ?” කියල එතුමා එක්කෙනෙක්ගෙං ඇහුව.
“අපිට කෑම ටිකක් ගන්නවත් සල්ලි නෑ මහත්තයො” කියල ඒ මනුස්සය කිව්ව.
“ආ..... එහෙනං මාත් එක්ක එන්න”
“අනේ මහත්තයො, මට ගෑනියෙකුයි දරුවො දෙන්නෙකුයි ඉන්නව!”
“ඒගොල්ලොං වත් එක්කං එන්න. ඔයත් අපිත් එක්ක එන්න” කියල එතුමා අනිත් මනුස්සයටත් කිව්ව.
“අනේ මහත්තයො, මට ගෑනියෙකුයි දරුවො හය දෙනෙකුයි ඉන්නව!”
“ඒ ගොල්ලොං වත් එක්කං එන්න.”
කාර් එක කොච්චර ලොකු උනත් ඉතිං වැඩේ ලේසි උනේ නෑ. හැබැයි කොහොම හරි ඒගොල්ලො ඔක්කොම කාර් එකට නැග ගත්ත. ඊට පස්සෙ කාර් එක පිටත් උනා.
“අනේ මහත්තයො මහත්තය ගොඩක් කරුනාවන්තයි. ඔබතුමාට කොහොම පිං දෙන්නද කියල මට තේරෙන්නෑ. ඒත් ... ඒත් අපි ඔක්කොම වෙනුවෙං ඔබතුමාට ගොඩාක් පිං ” ඇස් දෙකේ කඳුලු පුරෝගෙන එක මනුස්සයෙක් කිව්ව.
“ආ..... ඕක මොකද්ද? සුලු දෙයක්නෙ.
අපේ ගෙදර තණකොල අඩි දෙකක් විතර උසයි” කියල එතුමා කිව්ව.
අමාරුම හරිය ඉවරයි. දැං තියෙන්නෙ අමාරු හරිය
අපේ රජතුමාටයි රණවිරුවන්ටයි පිං සිද්ධ වෙන්න යුද්දෙනං ඉවරයි වගේ. චාල්ස් ඇන්තනි, නඩේසන්, රමේෂ්, පුලිදේවන් කියන අය මැරිල කියල අඳුනගෙනත් ඉවරයි. ප්‍රභාකරන් ගැන තාම නෑ හරි ආරංචියක්. මේ මං හිතන්නෙ දන්න කාලෙක අපි කරපු ලොකුම දේ.
ලංකාවෙ අපි කොහෙ කරන්නද? ආන්ඩුවට පුළුවංද කිසිදෙයක් හරියට කරන්න? කියල අහන්න දැං කාටවත් බෑ. අපිට පුළුවං ඕන දෙයක් කරන්න.
දැං තියෙන්නෙ අමාරු හරිය කියල කිව්වෙ රට ගොඩනැගීම ගැන. සෑහෙන්න අමාරු බරපතල ඉතා වැදගත්, කල යුතුම වැඩ ගොඩක් තියෙනව ඉස්සරහට. වෙනස තියෙන්නෙ දැං අපිට පුළුවං. ඉස්සර වගේ නෙමෙයි.
දැං ඉතිං නිදිගැට කඩල අතපය දිගඇරල වැඩේට බහින්න තමා තියෙන්නෙ.
ආයුබෝ වේවා! ජයවේවා!






