එයා මගෙ මූණ දැක්කෙ නැත්තං.....


කැස්බෑවා ගියා චිත්‍රපටියක් බලන්න කොළඹ රීගල් එකට.  කතාව තමයි  සනත් ගුණතිලක‍ගෙ “එකමත් එක රටක”. ප්‍රංශ කෙටිකතාවක් අනුව තමයි ලියල තියෙන්නෙ. 

වටේ පිටේ අයගෙ රටකජු කෑම, පොලිතීන් බෑග් පොඩි කිරීම, චිත්‍රපටිය යන අතරෙ හයියෙං කතා කිරීම, මොබයිල් ටෙලිෆෝන් වල සද්දෙ සහ හලෝ සද්දෙ විතරක් නෙමෙයි, පටං ගත්තට පස්සෙ එන අය වාඩි කරවන්න ගිහිල්ල මූණට ගහන ටෝච් පාරවල් ආදිය ඔක්කොම උහුලගෙන බොහොම අමාරුවෙං බැලුවයි කියමුකො චිත්‍රපටිය.

වැඩේ නං හොඳයි. මුල ඉඳලම බලං ඉන්න පුළුවං කම්මැලි කමක් නැතුව. සනත් ගූණතිලක රඟපාන්නෙ ගොඩක් වෙනස් චරිතයක්.  මූණ හා ඇවිදින විදිහ  එහෙම්මම වෙනස් කරල. සීයට අනූපහක් විතරම නියමෙට රඟපානව.

වැඩිහිටියන්ට විතරයි හැබැයි. කතාවෙ සාරාංශෙ මෙහෙමයි.  (ඔක්කොම කියන්නැත්තෙ ඊට පස්සෙ බලල වැඩක් නැති නිසා) අල්ලපු ගෙදරට එන ලස්සන කෙල්ලෙකුට ඇතියවන ආදරේ ඒ කෙල්ලගෙ වැඩ, ඒ කෙල්ලගෙ කොල්ල සහ සිද්ධ වෙන අකරතැබ්බයක් ගැන තමා කතා වෙන්නෙ.

ටිකක් වෙන්න බැරි දේවල් දෙක තුනකුත් තියෙනව.  අවසානය ගොතල තියෙන හැටිනං කැස්බෑවට ඇල්ලුවෙ නැහැ. ඊට වැඩිය ලස්සනට කරන්න තිබුන.  නමුත් සමස්තයක් හැටියට හොඳයි.

සනත් ඒකෙ මරු කතාවක් කියනව. කැස්බෑවට මතක් වෙන වෙන පාරට තාමත් හිනා යනව ඒකට.

“එයා මගෙ මූණ දැක්කෙ නැත්තං අපේ ආදරේ දුර දිග ගිහිල්ල සදාකාලික වෙන්නත් ඉඩ තිබුන”

7 comments:



Sasika Nanayakkara said...

අම්මො කැස්බැවා වැඩිහිටියෙක් බව දැන් දැන ගත්තා එකත් ලොකු දෙයක්නේ මොකුත් නොදන්න අපිට.

Thilina said...

සිරාවටම මේක වැඩිහිටියන්ට පමණයි එකක්ද? මම නම් කවදාවත් වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටියක් බලලා නෑ. මම තාම පොඩි එකානේ...

කැස්බෑවා said...

කැස්බෑවට ඉතිං දහ අට පැනල ටික දවසක් වෙනව. ඔව් මේක වැඩිහිටියන්ට පමණයි. අනේ තිලිණ බබානෙ

Unknown said...

Kohomada kollo maka register vanna.

කැස්බෑවා said...

අයියෝ සමා වෙන්න අනූ. මම දන්නෙම නැතුව followers එක අයින් කරලා. දැන්නං ඔන්න හරි ඉතිං.

සු said...

අයියෝ මට නම් ‍ඒක ඒ තරම් රහක් නැහැ
:(
එකම දේවල් රිපීට් වෙනවා වැඩියි
පන්ච් එකක් නැහැ සිදුවීම්වල
ගැටුමක් නැහැ
අනේ මන්දා...

ඉන්දික said...

Godak watina blog ekak..jayawewa...bro..
ape paththeth enna..comment ekak dala yanna

http://ekewattuwa.blogspot.com/

Thankzzzzzzzz

(Oyage blog eka link karanna awasarada?)

Post a Comment